දේශීය

වැලිකඩ නඩුවේ තීන්දුව අද

වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වූ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ තීන්දුව අද (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය 06 වන දා මෙම නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ අතර එය අද දිනය දක්වා කල් දැමීමටයි ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

2012 වසරේ නොවැම්බර් මස 09 වැනි දා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබුවේ 2019 ජූලි මස 04 වැනිදායි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *