අදත් විදුලි කප්පාදුවක්
අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේ අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි.
කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදු කරන බව විදුලිබල අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

