Latestදේශීය

සහල් මිල යලි වැඩි වෙන්නේ නැහැ – ඩඩ්ලි සිරිසේන

සහල් මිල තවදුරටත් වැඩිවන්නේ නැති බවත් මෙය උපරිම මිල බවත් අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ගාල්ල හෝල්ඩ්ගොල් ශාලාවේ දි ඊයේ (11) පස්වරුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා,

“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සඳහා වැඩියෙන් වි වගා කළ යුතුයි රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කාබනික පොහොර හොඳ වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *