දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංඛේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200ක් අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

කාර්යාල දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රී 12.00 සිට අද රාත්‍රී 12.00 දක්වා වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රියයන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යතුමා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *