විදේශීය

නයිජීරියාවේ ට්විටර් තහනම ඉවතට

නයිජීරියාව තුළ පනවා තිබූ ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජුනි මස සිට මාස 07ක කාලයක් එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරුණි.

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඇති වූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (12) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නයිජීරියානු රජය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *