පැරෂුටයකින් වැටී විදෙස් ජාතිකයෙකුට තුවාල
පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලැබූ පුවතක් ගලහ ලූල්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලීසය සඳහන් කළේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබිය දී අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බවට වැඩිදුර තොරතුරු වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

