කමිල් මිෂාරටත් කොවිඩ්
සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
මිෂාරගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගාවලිය වන මෙය ජනවාරි මස 16වන දා පල්ලේකැළේ දී ආරම්භ වීමට නියමිතය.
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණයෙන් ඔහු ආසාදිත බව තහවුරු වී ඇති බව වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත්ට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

