දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර ඇත.

අද (14) දිනයේ තම සාමාජිකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් ධාවනය නෙවූ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට ලක් විය.

කෙසේ වෙතත් වර්ජනය අවසන් වුවත්, ඇතැම් දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *