දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටස මාස 06ක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්තේ දක්වා කිලෝ මීටර් 120ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය මෙලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 92කි.

දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 80ක් පමණ වේ.

කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු එම මාර්ගයේ වේග සීමාද නොමැතිව පැයට කිලෝ මීටර් 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *