දේශීය

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

නව වසරේ පළමු පොහොය මෙය වන අතර බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ද අද වැනි පොහොය දිනකය.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීමද අද වැනි දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *