විදුලිබල ඉංජිනේරුවන් හෙට ලෙඩ වෙයි
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට (18) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ විදුලිබල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමිනි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත ජනනාත් දයාරත්න මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම මෙන්ම පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පෙර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ද තමන්ට ගැටලු පවතින බවයි.
හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ද නිසි විසදුම් ලබා නොදුනොහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමුවන බව චරිත ජනනාත් දයාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ එළඹෙන මාර්තු මාසයේ සිට පැය 04ක විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (16) ප්‍රකාශ කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

