මධ්‍යම අධිවේගයේ පැය 12ක අදායම මිලියන 2.8ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රු.2,805,100.00ක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ගතවූ පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583ක් ගමන් කර ඇති අතර කිසිදු රිය අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පෙරේදා (15) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (17) දහවල් 12.00 දක්වා නොමිලේ ගමන් කිරීමට අවසර ලබාදුන් බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

