විදුලි ඉංජිනේරුවරුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

