අද මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්
2021 වසර සඳහා වන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ.
කොවිඩ් 19 වැළදුණු රෝගීන්ට අධ්‍යාපන කලාපයකට එක බැගින් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

