කොරෝනා මැද ලෝක ධනවතුන්ගේ ධනය දෙගුණයකින් වැඩි වෙයි
කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙද්දී ලෝක ධනවතුන්ගේ ආදායම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර ආයතනයක් අනාවරණ කර තිබේ.
ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම ධනවතුන්ගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 700යේ සිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිම ආදායමක් වැඩි වී ඇත්තේ ලෝකප්‍රකට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ගේ වන අතර ඔහුගේ ආදායම සියයට දහසකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ගේ වත්කම සියයට 30කින් ඉහළ ගොස් තිබේ.
ඇමර්සන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙයිසස්ගේ සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ නම ද ආදායම දෙගුණයකින් වැඩි වූ ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුලත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

