දේශීය

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *