දේශීය

සහල් කිලෝව රු.300කට විකුණන්න මෝල් හිමියන් හදනවා – ඇමති බන්දුල

මෙම වසරේ අලුත් අවුරුදු සමය වනවිට පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා අලෙවි කිරීමට පොළොන්නරුවේ මෝල් හිමියන් සැලසුම් සකස් කරමින් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය විසින් 2014 සහල් මෙට්‍රික් ටොන් 600,000ක් 2015 දී මෙට්‍රික් ටොන් 286,000ක්, 2016 දී මෙට්‍රික් ටොන් 29,000ක්, 2017 දී මෙට්‍රික් ටොන් 745,000ක්, 2018 දී මෙට්‍රික් ටොන් 249,000ක් වශයෙන් සහල් ආනයනය කරනු ලැබ ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් 16,000ක් පමණක් ආනයනය කළ බවත් එම ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව විසින් පාරිභෝගිකයා සූරා කෑම වළක්වාලීමේ පියවරක් පමණක් වූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

රජයෙන් රජයට වශයෙන් ආනයනය කරනු ලබන මෙම සහල් ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා සහතික මිලකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී කිසිසේත්ම සහල් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලට සහල් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *