දේශීය

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඉතා චාම් ආකාරයෙන් එම කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදු කිරීමෙන් පසු සභාව කල්තැබීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සහ විවිධ සේවා සපයන්නන් සඳහා කොවිඩ් පරීක්ෂණය අනිවාර්ය කර තිබේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය බවයි.

මේ අතර රාජාසන කතාව අවස්ථාවේ දී කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේ ද යන්න පිළිබඳව අද උදෑසන පවතින සාකච්ඡාවක දී තීරණයක් ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *