කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් නවතී
කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමා තිබේ.
ඉන්ධන නොමැතිවිම හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දමා ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් එලෙස නවතා දමා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම ජනන යන්ත්‍රය නවතා දැමීම හේතුවෙන් අද (19) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
එහෙත් අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පස්වරුවේ නිශ්චිතව තීරණය කරන බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

