කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම ඇරඹේ
ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.
ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබා දෙන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.
කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දින 8කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කෙරෙන බවයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලැබීම නිසා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

