දේශීය

ගාමිණි සෙනරත් ජනාධිපති ලේකම් ධූරයට

ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද (19) වැඩ භාර ගෙන තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

හක්මන මෙතෝදිස්ත, මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකු වන ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි.

ඔහු 1984 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන්නේ පදවිය ශ්‍රීපුර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසයි.

අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, ප්‍රවාහන, මහමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කොමසාරිස් ලෙස ඔහු කටයුතු කළේය.

ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධුරයට පත්වූයේ 2004 වසරේදී ය.

2005 සිට 2015 දක්වා කාලසීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති අතිරේක ලේකම් ලෙස ද ඔහු කටයුතු කළේය.

ඊට අමතරව මූල්‍ය ආයතන ඇතුළු ආයතන රැසක ප්‍රධාන තනතුරු හොබවා ඇති ඔහු මෙරට රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර දිසානායක මහතා හෙට (20) අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *