විදෙස් මුදල් තොගයක් සමග 5ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට තැත්කළ පස් දෙනෙකු කටුනායක දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී රේගු භාරයට ගෙන ඇති විදේශ මුදල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වන බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කොළඹ ප්රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.
ඔවුන්ගේ සැක සහිත හැසීරීම මත ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ සූක්ෂම අයුරින් සඟවා තිබූ මෙම විදේශ මුදල් සොයාගෙන ඇත.
මෙම විදේශ මුදල් අතර අමෙරිකානු ඩොලර් 22,300ක්, යූරෝ 63,500ක්, සෞදි රියාල් 292,000ක්, ස්ටර්ලිං පවුම් 8,725ක් සහ ඩිරාම් 75,000ක් ද ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

