Latestදේශීය

බත් දුන් පියා, ෂී ජින් පියා – විජිත හේරත්

ආන්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හොරා කෑම, ණයට කෑම සහ  විකුණාගෙන කෑම බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

පාර්ලිමේන්තු විවාදයට (21) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ඵල කළා.

මේ වන විට රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 21ක් බව පවසන විජිත හේරත් මහතා එම ණය වලින් වැඩිම ප්‍රමාණයක් ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේ දී බව සදහන් කරනවා.

ජනාධිපතිවරයා පසුගිය දා තමන් ණය ගත්තේ නැතැයි පැවසුව ද රුපියල් ට්‍රිලියන 08ක්ම ණයට ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

වත්මන් ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් සහල් පවා ආනයනය කිරීමට සිදුවී ඇති බව පෙන්වා දුන් විජිත හේරත් මන්ත්‍රිවරයා දැන් ජනතාවට කියන්න සිදුවී ඇත්තේ බත් දුන් පියා ෂී ජින් පියා ලෙස යැයි ද පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *