Latestදේශීය

ජනාධිපතිට, පාර්ලිමේන්තුවට අමතර වසර 2ක්?

ජනාධිපතිවරයාගේ ධූර කාලය තවත් වසර 2කින් දීර්ග කිරීමට අදාල යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඩයනා ගම‌ගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටිනවා.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනාධිපතිවරයාට ධූරකාලයේ ඉලක්කයන් සපුරාලීමට වසර දෙකක් අහිමි වූ බැවින් එම කාලය ජනාධිපතිවරයාට ලබා දිය යූතු බව ඇය අවධාරණය කරනවා.

තවද වත්මන් පාර්ලිමේන්තුවට ද තවත් වසර 2ක අමතර කාලයක් ලබා දිය යුතු බව පවසන මන්ත්‍රීවරිය තම යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3 ක බලයකින් සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසනවා.

මේ අතර පසුගිය දිනක ඌව පලාතේ උත්සවයක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, කොරෝනා නිසා අහිමිවූ වසර 2 සදහා තම ජනාධිපති ධූර කාලය දීර්ඝ කිරීමට උත්සාහ නොකරන්නේ මන්ද?  කියා විමසූ තරුණයකු පිළිබද අදහස් ඵල කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *