Latestදේශීය

ශර්මිලා රාජපක්ෂ ඉල්ලා අස්වෙයි.

සත්ත්වෝද්‍යාන දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ධූරයෙන් තාවකාලිකව ඉවත්වී තිබෙනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් හටගෙන ඇති ගැටලුකාරී තත්ත්වය තුළ ඇය මෙම තීරණය ගත් බවයි ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇය පවසා ඇත්තේ.

සත්ත්වෝද්‍යානයේ සත්වයින්ට ඇතිවී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස මෙන්ම මෙම විනාශකාරී වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන්  ඇතැම් සේවකයින් හට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඇය එම ලිපිය මගින් ඉල්ලා සිටිනවා.

දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා යලි රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසත්  එසේ නොමැති වුවහොත් තමා ධුරයෙන් ස්ථිරවම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *