Latestක්‍රීඩාදේශීය

20/20 කාන්තා ක්‍රිකට් – බංගලාදේශය පරදවා ශ්‍රී ලංකාව ඉදිරියට

එංගලන්තයේ ජොගින්හැම් නුවර පැවැත්වෙන 2022  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 20යි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම සුදුසුකම් ලැබුවා. ‍

චාමරී අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම අද මැලේසියාවේ ක්වාලාලාම්පූර් හී දී පැවති තරගයෙන් බංගලාදේශය පරදවා ලකුණු 22 ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගින් මෙම සුදුසුකම ලබා ගත්තා.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් කන්ඩායම් 6ක් සුදුසුකම් ලබා සිටි අතර සත්කාරක එංගලන්ත කන්ඩායම ද තරගාවලියට සුදුසුකම් ලබා තිබුනා. තවත් එක් කන්ඩායමක් තෝරා ගැනීම සදහා මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලාම්පූර් හී දී පැවැත්වුනා.

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව තරග 3 බැගින් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසුවූ අතර අද පැවති තරගයෙන් බංගලාදේශ කන්ඩායම පරදවා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් වුනා.

ක්වලාලාම්පූර් හී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වූ රටවල් වන්නේ බංගලාදේශය, කෙන්යාව,  මැලේසියාව, ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාවයි.

සහභාගි වූ තරග 4ම ජය ගැනීමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 තරගාවලිය සදහා සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *