Latestදේශීය

විදුලිය කැපීම තාවකාලිකව අත්හිටුවයි

විදුලිබල අර්බුධයට විසදුම් ලබාගැනීමේ අරමුණින් ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තවත් සති දෙකක කාලයක් සදහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

තම අමාත්‍යංශයට අයත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඩොලර් අර්බුධය හේතුවෙන් අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටිය ද විදුලි අර්බුධයට විසදුමක් ලෙස දැඩි අපහසුතාවයෙන් වුවත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්ධන නොමැතිවීම නිසා අද සිට (25) දිනකට පැය දෙකහමාරක් බැගින් විදුලි කප්පාදුවකට යා යුතු බව විදුලිබල මණ්ඩලය තීරණය කර තිබුනා. නමුත් මෙම ඉන්ධන ලබා දීම නිසා එම තීරණය ක්‍රියාත්මක නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන ගාමිණී ලොකුගේ මහතා පසුගිය දා යෝජනා කර සිටියේ විදුලිය ඉතිරි කර ගැනීම සදහා මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එවන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් රට තුළ වැඩි වශයෙන් විශමාචාර සහ සමාජ අපරාධ සිදුවීමේ අනතුරක් ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලැබීමත් සමග දෛනික විදුලි විසන්ධිය සති දෙකකට පමණ නවතා දැමීමට හැකිවී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *