හෙරෝයින් කි.ග්රෑ. 343 සමග සැකකරුවන් කොළඹ වරායට
හෙරෝයින් කිලෝ කිලෝ 343 ග්‍රෑම් 456 ක් සමගින් පසුගිය දා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා සහ ධීවර යාත්‍රා දෙක අද (25) කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. උර 13ක පැකට් 309 ලෙස අසුරා තිබුණු මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3400කට අධික වෙතැයි ගණන් බලා තිබෙනවා.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය හා ජාතික බුද්ධි සේවය එක්ව දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හරක් කටා, රන් මල්ලී සහ ජෝති නැමැත්තා විසින් මෙරටට එවා ඇතැයි ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
ඉරාන නෞකාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ගොඩබිමට රැගන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කළ ද තවමත් එම යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. මේ අතර මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් පුද්ගලයින් 06 දෙනෙකු ගොඩබිමදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

