තවත් විදුලි බලාගාරයක් අක්‍රිය කරයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් අද (26) දිනයේ එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසක් බලාගාරය වෙත ගොස් සොයාබැලීමක් සිදුකිරීමට නියමිත බව වාර්තාවෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට (27) දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබේ.
හෙට දිනයෙන් පසු ඉන්ධන සැපයුම පිළිබඳ සලකා බලා තීරණයක් ගැනීමට නියමිත බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

