දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීම 30 වනදා දක්වා කල්යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ජනවාරි මස 30 වනදින වන විට එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සඳහන් කළේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වන දා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

බොරතෙල් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීම, විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවන් මේ වන විට සාර්ථකව සම්පුර්ණ කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *