උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව මෙවර විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා ඇති බව දැනුම්දෙයි.
එසේ නොලැබුණු යම් අයදුම්කරුවෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස එහි මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති “අ.පො.ස (උ.පෙළ) විභාගය 2021 (2022) (විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම)” නමැති අයිකනය තෝරා ඒ යටතේ නිවරැදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කරගත හැකිය.
එසේම ප්‍රවේශ පත්‍රයේ නම, විෂය සහ මාධ්‍යය සංශෝධනය කිරීමට ද හැකි බවත් දැනුම්දෙයි.
2022 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,439ක දී විභාගය පැවැත්වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

