දේශීය

ජය ශ්‍රී තහනම දීර්ඝ කෙරේ

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වන දා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට නියෝගයක් නිකුත් කෙරුණි.

ඒ අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *