Latestදේශීය

යළි මැතිවරණයකට තරග නොකරන බව රතන හිමියන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යළිත් දේශපාලනය නොකරන බව පවසනවා.

ඒ අනුව මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

අපේ ජන බල පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ උන්වහන්සේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙන් වන අතර ඊයේ (26) පැවැති උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *