ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු 03කින් ඒ මහතා නිදහස් කර තිබේ.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.
එම නඩුව අද (28) කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

