උසස් පෙළ විභාගය සති 20කින් කල් දමන්න නාගානන්ද උසාවි යයි
අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
2021 අපොස උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වන දා ආරම්භ කිරීමට නියමිතය.
එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න නම්කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදු වූ බවයි.
විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මගින් ද රජය වෙත නිර්දේශය කර තිබුණ ද එම නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බව ද නාගානන්ද කොඩිතුවක්කු මහතා චෝදනා කළේය.
අදාළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20ක කාලයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

