කුලී රථ මනු සවි කිරීමේ වැඩසටහන කල්දමයි
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ කුලී රථ සඳහා මනු සවි කිරීමේ වැඩසටහන නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට පියවර ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් ලැබුණු උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි.
එළඹෙන පෙබරවාරි මස පළමු වන දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි කුලී රථ සඳහා මනු සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

