දේශීය

අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්

පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අල්ලස් ලබාගත් විදුහල්පතිවරයා ඊයේ (28) පානදුර අතිරේක මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන තිබේ.

අදාළ විදුහල්පතිවරයා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ඊයේ සවස අත්අඩංගුවට ගැනුණි.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සැකකාර විදුහල්පතිවරයා විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුව එය රුපියල් 150,000ක් දක්වා අඩුකර එය ලබාගැනීමට යෑමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලූ බවට දරුවාගේ පියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරතිබූ පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර ඇත.

අදාළ විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේදීය.

විදුහල්පතිවරයා අල්ලස් ලබාගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියක් දරුවාගේ මව ලෙස පෙනීසිටිමින් සැකකරු අල්ලා ගැනීමට සමත්වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *