කථානායකටත් කොවිඩ්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුවයි කථානායකවරයාට කොවිඩ් වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.
කථානායකවරයා සිය නිල නිවසේදීම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කථානායක නිල නිවසේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ව මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
එමෙන්ම අදාළ සේවකයින්ගේ සමීපතමයින් වූ නිල නිවසේ ආරක්ෂක නිලධාරීන් ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.
කෙසේ වෙතත් කථානායකවරයාට වෛරසය ආසාදනය වුව ද බරපතළ තත්ත්වයක් නොමැති බවත් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.
කථානායකවරයා පූර්ණ එන්නත්කරණයට ලක් වූවෙක් වන අතර පසුගිය දින කිහිපය පුරා කථානායකවරයා සමීපව ඇසුරු කළ අය සොයා මේවනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොවිඩ් වෛරසය ආසාදනය වුණා.
ඊයේ (28) දින සමගි ජන බලවේගයේ මන්ත්‍රී කුමාර වෙල්ගමට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුනා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 44කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර කථානායකවරයා සමග 45ක් දක්වා ඉහළ යනවා.