දේශීය

2020 සා.පෙළ විභාගයේ විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ අද සහ හෙට

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ ප්‍රායෝගික පරික්ෂණය අද (29) සහ හෙට (30) යන දිනවල පැවැත්විමට නියමිතය.

එම වර්ෂයට අදාළ ප්‍රයෝගික පරික්ෂණ පසුගිය වසරේ දෙසැම්බර් 01 වන දින සිට 11 වන දින දක්වා පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ කාලසීමාව තුළ කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගිවීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා විශේෂ ප්‍රායෝගික පරික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවන ලද ප්‍රායෝගික පරික්ෂණ මධ්‍යස්ථාන කිහිපයක දී අද සහ හෙට යන දිනවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ඒ සඳහා සහභාගිවීමට අවශ්‍ය විභාග අයදුම්කරුවන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මගින් පළාත්හි සෞන්දර්ය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *