දේශීය

පොල් ගෙඩියක් රු.75කට දෙනවා – බන්දුල ගුණවර්ධන

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමට අත්සන් තැබීම ද එහිදී සිදු කෙරුණි.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ වර්ෂය පුරාවටම ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රු 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකුට අපි පොල් ගෙඩි 5ක් ලබාගන්න පුළුවන්. එහෙම පොල් ගෙඩි වශයෙන් ලබාගන්න බැරි පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අපනයන තත්ත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රු. 150කට සතොසෙන් ලබාගන්න පුළුවන්. පොල් ගෙඩියක් උපරිම වශයෙන් රු 75යි. වෙළෙඳපොළේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ නෑ.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *