නාලක ගොඩහේවාට ජනතා විරෝධය
මගීන්ගේ සුව දුක් විමසා බැලීමට බස් රථයකට ගොඩ වුනු නාලක ගොඩහේවා අමාත්‍යවරයාට එම බස් රථයේ ගමන් කරමින් සිටි ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. ඒ සමගම අමාත්‍යවරයා බස් රථයෙන් බැස යන්නට වුණා.
තම ගමන ප්‍රමාද වන බව පවසමින් මගී ජනතාව අමාත්‍යවරයාට විරෝධය පල කරන්නට වූ අතර බලාපොරොත්තු නොවූ විරෝධතාවය හේතුවෙන් ගොඩහේවා අමාත්‍යවරයා “හරි එහෙනම් බහින්නම්“යයි පවසා බසයෙන් බැස ගියා.
රටේ වත්මන් අර්බුධ හේතුවෙන් ජනතාව විවිධ පීඩාවන්ට ලක්ව සිටින අතර මේ වන විට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටම තම විරෝධය සෘජුව ඵල කරන්නට ජනතාව පසුගිය කාලයේ අවස්ථාවන් ගණනාවකදීම ක්‍රියා කර තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

