දේශීය

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට ප්‍රහාරයක්

අද (02) අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කරයි.

රාගම වෛද්‍ය පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *