රංජන් නිදහස්?
හෙටට (04)යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
පසුගිය කාලය පුරා විවිධ පාර්ශව රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා මැදිහත්ව කටයුතු කළා.
පසුගියදා අළුත්කඩේ උසාවිය අසල නීතිඥයින්ගෙන් පෙත්සමකට අත්සන් ලබා ගැනීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා රංජන් රාමනායක මහතාව නිදහස් කරගැනීමට කලාකරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් යුහුසුළුව කටයුතු කළා.

මේ අතර විපක්ෂයේ මෙන්ම ආන්ඩුපක්ෂයේ නියෝජිතයින් ද රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් කතා කරනු දක්නට ලැබුනා.
රංජන් රාමනායක මහතාගේ සමාජ ජාලා ගිණුමේ ද ඒ මහතා නිදහස් වනු ඇති බවට පූර්ණ විශ්වාසයක් සහිත පින්තූරයක් සහ අදහසක් ඵල කර ඇති අතර මේ වන විට එය සමාජජාලා තුළ සීග්‍රයෙන් සංසරණය වනවා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

