වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන තිබේ.
ඒ අනුව සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
රාගම වෛද්‍ය පීඨයේ සිවි වැනි වසරේ පිරිමි නේවාසිකාගාරයේ ඊයේ අලුයම මෙම ගැටුම හටගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

