Latestදේශීය

විසදුම බූස්ටර් මාත්‍රාව පමණයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා ඇති හොදම විසදුම බූස්ටර් එන්නත ලබා ගැනීම බව වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා.

“පහුගිය සතියට වඩා මේ සතියේ සියයට 30ක පමණ රෝගීන් වැඩිවීමක් අපි දකිනවා. ඒ වගේම මරණ පහුගිය සතියත් එක්ක සංසන්දනය කරලා ගත්තම සියයට 10 ක විතර වැඩිවීමක් දකිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර ඒකක වෙත යොමුවන රෝගීන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. මේ පහුගිය සතියේ වාර්තා වූ මරණවලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොකරපු කට්ටිය. ඒ නිසා ඔබට ඇති අවධානම තවමත් තියෙනවා. තවමත් බූස්ටර් එන්නත් මාත්‍රාව සියයට 39කට විතරයි දීලා තියෙන්නේ. සියයට 70කට වත් දීලා ඉවරකර ගත්තොත් මේ විඳින නිදහස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *