Latestදේශීය

74 වන නිදහස් දිනය අදයි

74 වන නිදහස් දිනය අදයි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද දින නිදහස් උළෙල පැවැත්වුනේ අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව සමගින්.

6500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් මෙවර නිදහස් දින රථ පෙළපාලිය සදහා යොදා ගෙන තිබුනු අතර ගුවන් හමුදා යානා 26ක් ගුවන් හමුදා සංදර්ශන සදහා යොදාගෙන තිබුනා.

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2,513 දෙනෙකු සඳහා ද උසස්වීම් ලබාදී තිබෙනවා.ඒ අනුව නිලධාරීන් 175 දෙනෙකු සහ සෙසු නිලයන් 2,338 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස් කර තිබෙනවා.

මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *