අද කාලගුණය
අද (06) රාත්‍රී කාලයේ සිට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

