දේශීය

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා යුද හමුදාවේ 75 දෙනෙකු ලෙබනනයට

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා යුද හමුදාවේ 13වන කන්ඩායම ඊයේ (05) රාත්‍රියේ මෙරටින් පිටත්ව ගියා.

නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67ක් ඇතුළු 75 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් ය.

මෙම කණ්ඩායම සමග ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් නිලධාරිනියක් සහ සෙබලියන් 07 දෙනෙකු එක්ව සිටීම විශේෂත්වයකි.

මෙම භට පිරිස අවුරුද්දක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට අනුබද්ධිතව රාජකාරීවල නියැලීමට නියමිතයි.

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ලෙබනනය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරීවල නිරතව සිටින්නේ 2010 වසරේ සිටයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *