විදේශීය

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි රයන් ජීවිතය හැර යයි

දින 04කට වැඩි කාලයක් අඩි 104ක් පමණ ගැඹුරැති ළිඳක සිරවී සිටි මොරොක්කෝවේ රයන් නැමැති පස් හැවිරිදි දරුවා මියගොස් තිබේ.

මොරොක්කෝවේ උතුරු දිග දුෂ්කර ගම්මානයක පිහිටි නළ ළිඳකට එම දරුවා පසුගිය අඟහරුවාදා සවස ඇද වැටී තිබුණී.

ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදු කළේය.

ඒ සඳහා දින කිහිපයක් ගත වූ අතර අද (05) අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද එයට යොමු විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *