උසස් පෙළ විභාගය හෙට ඇරඹේ
2021 වසර සඳහා වන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා.
ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම්කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය හෙට (07) දිනය දක්වා කල් දැමීමට සිදුවුණා.
මෙවර උසස් පෙළ විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,437ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 279,141ක්.
පෞද්ගලික අපේක්ෂකයින් 66,101ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරස ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29ක් පිහිටුවා ඇති බවයි.
හෙට (07) ආරම්භ වන විභාගය ලබන මාර්තු 05 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

